කෙල්ලෙක් ඔබට කැමැත්තෙන් ඉන්න බව දැනගන්න ක්‍රම ටිකක් මෙන්න

කෙල්ලෝ කියන්නේ තේරුම් ගන්න හරිම අමාරු කට්ටියක් කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑනේ.සාමාන්‍යයෙන් කෙල්ලෙක් කොල්ලෙක්ට කැමති වුණත් ඇය ඒක කෙලින්ම කොල්ලට කියන්නේ නෑ.ඇය ඇගේම අනන්‍ය වූ එක එක ක්‍රමවලින් මේක කොල්ලන්ට පෙන්වන්න ට්‍රයි කරනවා.අන්න ඒ වගේ දේවල් ටිකක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ....

ඇය ඔබ කියනා සෑම දෙයකටම සිනා වෙයි
ඔයා කියන සමහරක් දේවල් වල මහා ලොකු comedy ගතියක් නැති වුණත් ඇය ඒවාට ඕනවට වඩා සිනහා වනවා නම් ඒ වගේ දිගින් දිගටම ඇය මෙහෙම හැසිරෙනවනම් ඔන්න පුතේ උඹට කෙල්ල line වෙලා තියෙන්නේ.

ඔබ කැමති දේවල් ගැන ඇයත් කැමතියි වගේ act කිරීම
හිතන්න ඔබ ගොඩක් english songs වලට කැමති කෙනෙක් කියලා.ඔයාගේ සෙට් එකේ ඉන්න කෙල්ලෙකුත් ලගදි ඉඳන් english songs ගැන මාර උනන්දුවකින් ඔයත් එක්ක කතා කරනවනම් නම් ඒ කෙල්ල මීට කලින් english songs වලට උනන්දුවක් නොදක්වපු කෙනෙක් නම් මේකත් ඇය ඔබ ගැන උනන්දුවෙන් ඉන්නවා කියලා හිතාගන්න පුලුවන් සළකුණක් තමයි.එකකට දෙකෙකට විතරක් නෙමෙයි ඔබ කැමති හුගත් දේ වලට ඇය ලඟකදි ඉදන් කැමති වෙන්න පුලුවන්.මේකත් කෙල්ලෙක් උඹට line කියලා දැනගන්න පුලුවන් එක ලකුණක්.

Eye contact
මේ දේ ගැන ඉතින් වැඩිය විස්තර කරන්න ඕනේ නෑ.මේක තමයි කෙල්ලෙක් අපිට කැමති කියලා හිතාගන්න පුලවන් මූලිකම දේ.ගොඩක් වේලාවට පාරේ තොටේ ඇවිදිනකොට අපිට හම්බ වෙන කෙලේලෙක්ට පොඩි ෆලෝ පාරක් දෙනකොට ඇයගේ ඇස් දෙක දිහා බලලා කියන්න පුලුවන් වැඩේ ගොඩ යයිද නැද්ද කියලා.ගැහැනු කොහොමත් කටින් කතා කරනවාට වඩා ඇස් වලින් ‍ලස්සනට කතා කරනවා.

ඔබෙන් එක එක දේවල් ගැන ප්‍රශ්ණ අහනවා
කෙල්ලෙක් ඔයාට කැමැත්තෙන් ඉන්නකොට ඇයට ඕන ඔයා එක්ක නිතරම කතා කරන්න.ඒ නිසාම ඇය විවිධ දේවල් ගැන එක එක ප්‍රශණ ඔයාගෙන් අහන්න පුලුවන්.සමහර වේලාවට මේවා මෝඩ ප්‍රශ්ණ.ඒත් කෙල්ලෙක් ඔයාට කැමතියි කියලා දැනගන්න මේකත් හොඳ ක්‍රමයක්

ඔයා ළඟටම වෙලා ඉන්න නිතරම උත්සහ කරනවා
කෙල්ලෙක් ඔයාට කැමතියි කියන්නේ ඇය නිතරම කැමතියි ඔයා ළඟ ගැවසෙන්න.ඔබේ ඇස් මානයේ ඉන්න.මේ දේ ඔයාට ඉක්මනින් අදුරගන්න පුලුවන් .මේ දේ සාමාන්‍ය ජීවිතයේදී විතරක් නෙමෙයි ෆේස්බුක් එකේ ඔයා දාන හැම එකකටම එයා like comment කරනවනම් ඔන්න පුතේ කෙල්ල ගොඩ..හැබැයි එහෙම කරන හැම කෙල්ලම එහෙම නෑ හොදේ..ඔයාගේ ඉවෙන් තමා ඒක දැනගන්න පුලුවන් වෙන්නේ.

කෙල්ලන්ගේ ඇඟ දිහා බලලා ගතිගුණ හොයාගන්නේ මෙහෙමයි

ස්ත්‍රී දේහ ලක්ෂණ වලින් හෙළි කරන රහස් බොහොමයකි.පහතින් දැක්වෙන්නේ ඒවායින් ටිකකි.

පාද
මොලොක් පැතලි මස් වැඩුණු රත් පැහැ පාද ඇති ස්ත්‍රිය ගුණ ධර්මයන් වඩන රාජ භාර්යාවක් වන්නේය. රළු වියළි පා ඇති ස්ත්‍රිය අවාසනාවන්තියකි. පයේ මාපට ඇගිලි උස්ව පිහිටා තිබෙයි නම් බොහෝ සැප ලබන්නියකි. ගමන් කරන කල්හි දූවිලි ඇවිස්සේ නම් අවකල් ක්‍රියාවෙහි යෙදෙන ස්ත්‍රියක්ය. පා ඇගිලි එක පිට නැගී සිටීම වැන්දඹු ලක්ෂණයකි.

නිය
පා, නියපොතු වටව උස්ව තඹවන් වුවහොත් ඈ බෝග සම්පත් ලබන්නීය. පිට පතුල නෙලුම් පෙත්තක පිට පැත්තේ හැඩයට සමානව පිහිටා ඇත්නම් පිනැතිය. උඩුපතුල මැද නැවී ඇත්නම් දි)කඑතිඳුය. පා මැද නහර ගැට ගැසුණේ නම් නිකරුණේ ඇවිදින්නියකි. උඩු පතුලේ ලොම් ගැවසුණේ දාසියකි.

විලුඹ
තඹ වූයේ නම් පිනැතිය. උස්ව පිහිටියේ නම් අසුබය.

කෙණ්ඩ
මස් වැඩි ලොම්නැති සිනිඳු සමින් වැසුණු කෙණ්ඩ ඇති කාන්තාව සැප ලබන්නීය

දණහිස
මස්වැඩි වට වූ දණහිස් ඇත්තී වාසනාවන්තියකි

උකුල
උකුල මහත්ව ඉගටිය සිහින්ව ඇත්තී පින්වන්තියකි. වැහැරී නැවී කුඩාව හෝ ලොම් ඇතොත් කණවැන්දුම් වීමේ ලක්ෂණයකි.

නිතඹ
බිම්බාකාරව උස්ව හෝ මස් අධිකව පලල් වුවහොත් කම් සැප ලබන්නීය. ලෙලෙන නිතඹ ඇත්තී කාමාධිකය.


උරහිස
නැවුණු උරහිස පුතුන් ඇති ලක්ෂණයකි. කෙටි වුවහොත් සැප ඇත්තියකි. මස් වැඩුණොත් ඉතා කාමාධිකය. මස් රහිත වූයේ නම් වැන්දඹු වෙයි. සමව උරහිස් ඇත්තී පින්වන්තය.

අත්
අතේ මහපට ඇගිල්ල පියුම් කැකු)කඑතක් බඳු වූයේ හා පිරිසුදු හා පැහැදිලි රේඛා අත්ලේ පිහිටියේ නම් ඇය පිනැත්තියකි. අත්ල පියුමක් මෙන් මොෙ)කඑතාක් වූයේ නම් සැප ලබන්නියකි. කොඩි කුඩ මත්ස්‍ය ස්වස්තික දුනු ආකාර ලක්ෂණවලින් එකක් යම් කාන්තාවකගේ අත්ලේ පිහිටියේ නම් ඈ සැප ලබන්නියකි. චක්‍ර යුධායුද ජය සංකේත යන ලක්ෂණවලින් එකක් පිහිටියේ නම් ඇය කිසි ලෙසකින් දුක් නොවිඳින භාග්‍යවන්ත කාන්තාවකි. රෝම ගැවසුණු හා වළ ගැසුණු පිට අල්ල ඇති කාන්තාව ස්වාමියාට අපල වෙයි. නහර ඉලිප්පී ලොම් ගැවසුණු පිටි අල්ල ඇති ස්ත්‍රිය චිත්ත සන්තාපයෙන් කල් ගෙවන්නියකි. මහපට ඇගිල්ල මුල සිට සු)කඑතැගිල්ල දක්වා අල්ලේ රේඛා වැටී ඇති නම් ඇය ස්වාමියා නසන්නීය. පැතලි වැහැරී හැකිළුණු ඇගිලි පුරුක් බිය රෝග ඇති කරයි. වකුටු වූ හෝ රළු වූ නියපොතුද රෝග බිය ඇති කරන අතර නියපොතුවල සුදු බින්දු වැටීම අධික කාමාශාව ඇති බවෙහි ලක්ෂණයකි.

බෙල්ල
වට වූ පිරුණු දිග් වූ බෙල්ල ඇති ස්ත්‍රිය ස්වාමියාට සැප ගෙන දෙයි. ඛෙල්ල කෙටි වීම ස්වාමියාට සැප අඩු කරයි. ඛෙල්ලේ රේඛා 3ක් පෙනේ නම් එය ඉතා සුබ ලක්ෂණයක් වෙයි. බෙල්ල පැතලි නම් ස්වාමි සැප අඩුය.

කම්මුල්
මස් ඇති පිරුණු සිනා පිරි කම්මුල ඇත්තී වාසනාවන්තියකි. මස් අඩු රළු වකුටු කම්මුල ඇත්තී දුක් ලබන කාන්තාවකි. සිනාසෙන විට මැදි ව)කඑත ගැසුණු කම්මුල් ඇති කාන්තාව නිතර ප්‍රීතියෙන් සිටින්නීය.

තොල්
යටි තොල වටව සිනිඳුව බඳු වදමල් මෙන් පැහැපත්ව තිබේ නම් උතුමන් ප්‍රිය කරන කාන්තාවකි. රළුව එල්ලා වැටෙන මස් රහිත කළු වූ යටි තොල ඇති කාන්තාව ස්වාමි සැපය අඩු කරයි.

දත්
සමව කුඩාව කිරිවන් පැහැ දත් දෙතිස ඇත්තී පින්වත් කාන්තාවකි. කසාවන් හෝ කළුව මහත්ව පලල්ව සක් කැබලි වැනි දත් පිහිටියේ නම් පින් අඩු කාන්තාවකි. යටි ඇන්දේ දත් වැඩි කාන්තාව මවගෙන් වෙන්වෙයි. විකෘති ආකාර දත් ඇති කාන්තාව වැන්දඹු වෙයි.

නාසය
කුඩා සිදුරු ඇති සම වට වූ පටු නාසය ඇති ඇත්තී පින්වන්තය. අගින් වක් වූ නාසය ඇත්තී වැන්දඹු වේ. පැතැලි නාසය ඇත්තී දාසියකි. එල්ඛෙන නාසය ඇතිනම් ඇය කලහා ප්‍රියකරයි.

ඇස්
මුවන්ගේ ඇස් වැනි ඇස් ඇති නම් පින්වන්තය. බ)කඑතල්, මී, කොඛෙයි යන සතුන්ගේ ඇස් වැනි ඇස් ඇති නම් ඇය නපුරුය. දකුණු ඇස වපර වූයේ නම් වැන්දඹු වෙයි. වම් ඇස වපර වූයේ නම් පරපුරුෂයන් සොයයි. බිඟුවන් ඇස් ඇත්තී ස්වාමියා ධනවත් කරයි. කළු පැහැ ගන සැහැල්ලු ඇසිපිය ඇත්තී හිමියාට ප්‍රියවනසුලුය. නිතර ඇසිපිය ගසන්නේ මානය වැඩි ගුණ හීන කාන්තාවන්ය. නීලවර්ණ මොෙ)කඑතාක් ඇස්බැම ඇත්තී වාසනාවන්තය. ඇස් බැම දෙක හාවී නම් නිතර දුක් ලබන කාන්තාවකි.

කන්
කන් දෙක එල්ලෙන ස්වභාව ඇත්නම් ඉතා යහපත්ය.

නළල
නළල් තලය උස්ව මොලොක්ව අගල් 3ක ප්‍රමාණවත්ව අඩ සදාකාරව ඇතිනම් වාසනාවන්තය.

කොණ්ඩය
කෙස් වැටිය ඇතකුගේ කුම්භස්තලය වැනි වූයේ නම් පුණ්‍ය ලක්‍ෂණයකි. මී මැසි පෙ)කඑතක් මෙන් පැහැතිව අගින් නැවුණු සිහින්ව කෙස් ඇති වූයේ නම් එයද පුණ්‍ය ලක්‍ෂණයකි. ගන වූ රළු වූ හිස කෙස් ඇති නම් දුක් විඳින කාන්තාවකි.

ළප කැළල්
නළල මැද හෝ බැමි දෙක අතර මැස්සකු වැනි ලපයක් ඇතිනම් හිමියාගේ සහකරුගේ හා මෙහෙකරුවන්ගේ සැප ලබන කාන්තාවකි. කම්මුල් මැද ලපය රතු නම් මහ පින් ඇත්තියකි. පියවුරු දෙක අතර රතු ලපයක් ඇති නම් අවට ලෝකයාගේ ආදරය දිනාගනිමින් රජ සැප ලබන කාන්තාවකි. නාසයේ අග රතු ලපයක් ඇතොත් ඕ තොමෝ ධනවන්තියකි. එය කළු වුවහොත් පරපුරුෂයන් කරා යයි. නාභියෙන් පහත ලප කැළලක් ඇතොත් ඈ පින්වන්තයි. නළල් ත්‍රිශූල ලක්‍ෂණයක් ඇතොත් ඈ සේනාධිපතිනියක් වන්නීය.
ලෝකයේ ලස්සනම කාන්තාවෝ
ජීවත් වන රටවල් දහය
බ්‍රසීලය
ලෝකයේ ඉහළ පෙළේ නිරූපිකාවෝ ජිවත්වන රට තමයි බ්‍රසීලය. සරාගී, ක්‍රීඩාශීලී සහ ආකර්ෂණීය සිරුරක් හිමිව උපදින බ්‍රසීල කාන්තාවෝ මිහි මත සුරූපිනියන් විදියට හඳුන්වනවා.

රුසියාව
අන් අය පොලඹවනසුලු හීනි දිගැටි නිල් පැහැති ඇස්, කැළැල් නොමැති සම, පෞරුෂයට වැඩි වටිනාකමක් එක්කරන උස රුසියානු යුවතියන්ගේ සුන්දරත්වය තීව්‍ර කරවනවා.

වෙනිසියුලාව
විශ්ව රූ රැජන සහ ලෝක රූ රැජන තරග ජයගත් බොහෝ සුරූපිනියන්ගේ නිජබිම වෙනිසියුලාව. හීන්දෑරි හැඩැති සිරුර, වාත්තු කළාක් වැනි සුන්දර මුහුණු වෙනිසියුලානු යුවතියන්ට උපතින්ම උරුම වෙනවා.

ඉන්දියාව
බහු වාර්ගික විවිධත්වයක් ඇති රටක් වන ඉන්දියාව ලෝකයට බොහෝ සුරූපිනියන් බිහිකළා. දිලිසෙන සම සහ කෝමල බවින් ඔද වැඩුණු ඉන්දියානු යුවතිය සැබැවින්ම සුරූපිනියක්.

ආර්ජන්ටිනා
ආර්ජන්ටිනාවේ යුවතියන් තමන්ගේ සමට සහ කොණ්ඩයට උපරිම සත්කාර කරන පිරිස විදියට තමයි ප්‍රසිද්ධ. දිලිසෙන හම වැහෙන්න කළු පැහැති ඇඳුම් අඳින ආජන්ටිනාවේ යුවතියන් උණුසුම්ව කැපිල පේනවා.

සර්බියාව
ආකර්ෂණීය සිරුරකට හිමිකම් කියන සර්බියාවේ යුවතියෝ බොහෝ සුන්දර විලාසිතා අනුගමනය කරන පිරිසක් බව ප්‍රසිද්ධයි.

දකුණු කොරියාව
සාමාන්‍ය උසකට හිමිකම් කියන දකුණු කොරියානු යුවතියෝ වඩාත් කැපී පෙනෙන්නේ ඔවුන්ගේ හුරුබුහුටි මුහුණ නිසා.

ප්‍රංශය
විලාසිතාවලට තියෙන සියුම් අවධානය, ලාලිත්‍ය, ප්‍රේමාන්විත පරිසරය නිසාම ප්‍රංශයේ යුවතියෝ ලෝකයේ කැපිලා පේනවා.

ඉතාලිය
ඔලිව් තෙල් ආලේප කළාක් මෙන් දිලිසෙන රැස් විහිදෙන ශරීරය, දුඹුරු පැහැති හිස කෙස් ඉතාලි යුවතියන්ගේ පෙනුමට සුන්දරත්වයක් එක් කරනවා.

යුක්රේනය
කලාතුරකින් පිහිටි ලස්සනකින් යුතු සුරූපිනියන් යුක්රේනයේ උපදිනවා.

පිලිපීනය
රූප සුන්දරියන් තෝරනා තරඟවලින් සෑම අවස්ථාවකම පාහේ ජයගන්නා රටක් ලෙස පිලිපීනය ප්‍රසිද්ධය.උපතින් ලැබෙන ලස්සනත් හුරුබිහුටි පෙනුමටත් අමතරව ඔවුන් සිය පවුලට දක්වන සැළකිලිමත් බව හා පවුලට දක්වන නැඹුරුව හා ආදරය පිලීපීන කතුන්ගේ දැකිය හැකි සුවිශේෂි ලක්ෂණයකි

බ්‍රිතාන්‍යය
මිශ්‍රි සංස්කෘතියක ජීවත්වන බ්‍රිතාන්‍ය කාන්තාව උගත් බුද්ධිමත් අය වෙති.උපතින් ලැබුණු ලස්සනට අමතරව විලාසිතා පිළිබද තිබෙන්නා වූ මනා අවබෝධය ඔවුන් අන් අය අතර කැපී පෙනේ.